ව්‍යවස්ථා සභාවට සෙසු පක්‍ෂ නියෝජිතයා ලෙස ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා පත්කිරීමේ පදනම කුමක්දැයි සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී, පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම්, උදය ගම්මන්පිල මහතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රශ්න කරයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය සහ ඊළාම් මහජන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂ මන්ත්‍රී කැමැත්ත නොවිමසා ඔහු පත්කැර ඇතැයිද ඔහු ජනපතිට යැවූ ලිපියේ දැක්වේ.

