ගම්මන්පිල පේන කියයි


වර්තමාන ආණ්ඩුවේ  අමාත්‍ය  ධුර  සංඛ්‍යාව 132 ක් දක්වා  ඉහළ යතියි පිවිතුරු හෙළ උරුමයේ  ප්‍රධාන ලේකම්  පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා  පිටකෝට්ටේ  දී  අද (15) ප්‍රකාශ කළේය.

“එක්සත්  ජාතීන්ගේ  මානව හිමිකම්  කොමිසම ශ්‍රි ලංකාවේ  යුද අපරාධ සම්බන්ධයෙන්  නිකුත්  කරන වාර්තාවේ  මෙරට  හමුදා  සෙබළුන්  දංගෙඩියට  දක්කන යෝජනා  තිබෙන්නේ  නම්  ඔවුන්  වගකිමෙන්  නිදහස්  කිරිමේ  පනතක්  පාර්ලිමේන්තුවේ  දී සම්මත කැර ගැනීමට  ක්‍රියා කරනාවා.”

“විපක්ෂයේ  සිටින හවුල්කාර  නියෝජිතයන්  සමඟ එක්ව සන්ධානයක්  නොවන අලුත්  පක්ෂයක්  පිහිටුවාගැනීම පිළිබඳව දැනට  සාකච්ජා  පැවැත්වෙනවා”

පිහිටුවන නව පක්ෂයට  ශ්‍රි  ලංකා  නිදහස්  පක්ෂයෙන්  එකකර  ගන්නේ  සිත සහ කය  යන දෙකම විපක්ෂයේ  තිබෙන ශ්‍රි ලංකා  නිදහස්  පක්ෂ මන්ත්‍රීවරුන්  බව ද ඔහු පැවසීය.