(තිළිණි ද සිල්වා)
රිෂාද් බදියුදීන් විසින් පුත්තලමේ අවතැන් කඳවුරුවල වෙසෙන වැසියන් පිරිසකගේ අත්සන හොරට යොදා ගනිමින් මන්නාරම ප‍්‍රදේශයේ රජයේ ඉඩම් නීතිවිරෝධී අන්දමින් පවරාගෙන එම ඉඩම් හිටපු අමාත්‍යවරයාගේ පවුලේ සාමාජිකයින් අතරේ බෙදා ගත් බවට 2010 වසරේදී මන්නාරම දිස්ත‍්‍රික්කයේ පදිංචි මුස්ලිම් වැසියන් පිරිසක් තමන්ට තොරතුරු ලබා දුන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිළ ජනාධිපති කොමිසම හමුවේ සාක්කි ලබා දෙමින් අද (25) පැවසීය.
කර්මාන්ත හා වාණිජ කටයුතු හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදියුදීන් මහතාට එරෙහිව එම ජනාධිපති කොමිසමට ගොනු කළ පැමිණිල්ලට අදාළව සාක්කි දෙමින් උදය ගම්මන්පිල මහතා මේ බව කියා සිටියේය.
ගම්මන්පිල මහතා එහිදී වැඩිදුරට සාක්කි දෙමින් කියා සිටියේ 2010 දී මන්නාරම් දිස්ත්‍රික්කයේ මුස්ලිම් වැසියන් කිහිපදෙනෙකු තමා හමුවීමට පැමිණ අමාත්‍ය බදියුදීන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් සිදු කරන ලද නීති විරෝධී ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳව තමාට දැනුම් දුන් බවයි.
ඒ අනුව බදියුදීන් මහතා පුත්තලමේ අවතැන් කඳවුරුවල වෙසෙන වැසියන්ගේ නම් ගම් හා අත්සන් හොරට යොදා මන්නාරමේ රජයේ ඉඩම් සඳහා ව්‍යාජ ඔප්පු 66 ක් සකස් කර ඇති බවට ඔවුන් තමන්ට කරුණු හෙළි කර ඇතැයි ගම්මන්පිල මහතා කීය.
මන්නාරමේ පෞද්ගලික සමාගම් පිහිටුවීම සඳහා අක්කර 3000 කට ආසන්න ඉඩම් ප‍්‍රමාණයක් රුපියල් මිලියන 240 කට පමණ ලබාගෙන ඇති බව ඔහු කොමිසමට දැනුම් දුන්නේය. ව්‍යාජ ඔප්පු සකස් කිරීමෙන් වසර තුනක් ඇතුළත බදියුදීන් මෙම ඉඩම් මිලදී ගෙන ඇති බව ඔහු පැවසීය.
කෙසේ වෙතත් වත්මන් රජයේ (2015-2018) කාල සීමාව තුළ කිසිඳු නීති විරෝධී ඉඩම් අත්පත් කර ගැනීමක් හෝ ගනුදෙනුවක් පිළිබඳව තමන් නොදන්නා බව ගම්මන්පිල කොමිසමට දැනුම් දුන්නේය.
මාර්ග දෙකක් ඉදිකිරීම සඳහා හිටපු අමාත්‍ය බදියුදීන්ගේ බිරිඳ සමාගමට ඉඩම් ලබාගෙන ඇති අතර එම ඉඩම් රුපියල් මිලියන 101 කට මිලදී ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
එම සමාගම මඟින් වෙප්පන්කුලම්-සිලාවතුර සහ එලවාන්කුලම්-සිලාවතුර යන ප‍්‍රදේශවලින් මාර්ග ඉදිකිරීමට සැලසුම් කර ඇති නමුත් එය තවමත් ඉදිකර නොමැති වුවද එම ව්‍යාපෘති සම්පූර්ණ කළ බවට රජයේ නිලධාරීන් ලවා ව්‍යාජ ලේඛන ලබා ගෙන ඇතැයි ද ගම්මන්පිල මහතා පැවසීය.
මෙහිදී කොමිසන් සභාවේ සභාපති විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා කියා සිටියේ ගම්මන්පිල මහතා විසින් සපයන ලද සාක්ෂි මෙම කොමිසමේ විමර්ශන කාලය තුළ සිදු නොවූවක් වන බවය.
අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාට එරෙහිව නුගේගොඩ නාලන්දාරාමාධිපති පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් ගොනු කළ එම පැමිණිල්ල මීට පෙර එම කොමිසම හමුවේ කැඳවූ අතර එහිදී සාක්කි දුන් පාලිත හිමියන් කියා සිටියේ රිෂාඞ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා රජයේ ඉඩම් බලහත්කාරයෙන් පවරා ගනිමින් සිදු කළ ආකරය ගැන තමන්ට වඩා වැඩිදුර තොරතුරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා දන්නා බවය.
ගම්මන්පිල මහතා සතුව ඒ පිළිබඳ සවිස්තරාත්මක වාර්තා පවතින්නේ යැයිද උන්වහන්සේ කොමිසම හමුවේ පැවසූහ.එම කරුණු සැලකිල්ලට ගත් ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ සභාපති විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් කොමිසම ඉදිරියේ සාක්කි දීමට ගම්මන්පිල මහතා කැඳවූයේය.
මෙම පැමිණිල්ලට අදාළ වැඩිදුර විභාගය ලබන අගොස්තු 20 වැනි දිනට කල් තැබිණි.

