ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය මෙන්ම විධායක ජනාධිපතිවරියක් බිහිකළ පක්ෂයක් බවත් කාන්තාවන්ට පාර්ලිමේන්තුවට මෙන්ම පළාත් සභාවට යාමට දොරගුළු විවර කළ පක්ෂයක් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය අද නාමයෝජනා බාර දීමෙන් අනතුරුව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවසුවේය.
දේශපාලනයේදී වැඩිපුර කාන්තා නියෝජනයක් අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තමන්ද ඇතුළව කාන්තාවන් හතර දෙනෙකු මෙම මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින බවත් ඇය කීවාය.


