
(තිලකරත්න දිසානායක)
අත්තනගලු ඔයෙහි ජල මට්ටම දූනමලේ ජල මාපකයෙහි මීටර් 5 දශම 58 දක්වා ඉහළ යාම මත මහ ගංවතුර තත්ත්වයකට පත්ව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.
පවතින තත්ත්වය සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු චින්තක සුරවීර මහතා සදහන් කර සිටියේ, මෙම තත්ත්වය මත දී ඇලි ඔයද පිටාර යන බැවින් ජාඇල ප්‍රදේශයේ පහත් බිම් ජලයෙන් යටවිය හැකි බැවින් එම ප්‍රදේශයන්හි පදිංචිකරුවන් අවධානයෙන් සිටිය යුතු බවය.
මේ අතර කැලණි ගඟේ ජල මට්ටමද හංවැල්ල ජල මාපකයේ මීටර් 8 ඉක්මවා සුලු ගංවතුර මට්ටමකට පත්ව ඇති බවත් මේ වනවිට පහත් බිම් ප්‍රදේශ ජලයෙන් යටව පවතින බවද හෙතෙම සඳහන් කළේය.

