ගම්පහට ඇඳන් 2000 කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක්


( ගම්පහ තිලකරත්න දිසානායක)

ඉදිරියේදී යම් අවදානම් තත්ත්වයක් ඇති වුවහොත් ඊට මුහුණදීමට හැකි වන පරිදි ඇදන් 2000 ක් පමණ යෙදිය හැකි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ගම්පහ, වැරැල්ලවත්ත ප්‍රදේශයේ ඉදිකිරීමට අද (28) සවස පැවති ගම්පහ කොවිඩ් කමිටුවේදී තීරණය කළ බව ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවෙහි සභාපති සහන් ප්‍රදීප් විතාන මහතා පවසයි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා , රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය හා දිසාපති සුනිල් ජයලත් මහතා ඇතුළු සෞඛ්‍ය අංශ ප්‍රධානීන් සහ කොවිඩ් කමිටුවෙහි සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී මෙම මධ්‍යස්ථානයට අවශ්‍ය හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය ලබාදීමට තීරණය වූ බවද මන්ත්‍රීවරයා සදහන් කළේය.