ගම්පහ සිසුහු රණවිරු දිනය සමරති


කුරිරු යුද්ධය හමාර කර සාමය උදා කළ රණවිරුවන් සැමරීමේ උත්සවයක් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේදී පැවැත්විණි. බණ්ඩාරනායක විද්‍යාලයේ ශිෂ්‍ය භට ඛණ්ඩය පිරි නැමූ උත්තමාචාර දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය පණ්ඩු බන්ඩාරනායක මහතා විසින් පිළිගනු ලැබීය. රියර් අද්මිරාල් නීල් රොසයිරෝ, කර්නල් ජානක ප්‍රදීප් පෙරේරා, ගෘප් කපිතාන් සමන් ලෙවන්ගම ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීහු ද, බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක මහතා ඇතුළු ගම්පහ පාසල්වල විදුහල්පතිවරුද මේ උත්සවයට සහභාගී වූහ. රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා විසින් රණවිරු ස්මාරකයට ආචාර දක්වමින්