ගම්පහ සිසුවාත් පොලිසියට එරෙහිව පැමිණිලි කරයි


කොටදෙණියාව සේයා දැරියගේ  ඝාතනයට  නීති විරෝධී ව පාසල් සිසුවෙකු (17) අත්අඩංගුවට ගෙන ඇතැයි ලංකා ගුරු සංගමයේ  ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා කළ පැමිණිලි විභාගයට  ගැනිම සඳහා එම පාසල් සිසුවා හා ඔහු සමඟ නිදහස් කළ එක්දරු පියාද අද (08) උදේ මානව හිමිකම් කොමිසමට පැමිණියහ.

සිසුවාගේ නීතිඥ තරංග වීරසිංහ මහතා පැවසුවේ පාසල් සිසුවා අද වෙනම පැමිණිල්ලක් ද කරන බවයි.

ලංකා ගුරු සංගමයේ නියෝජිතයෝ හා ගුරු වෘත්තිය සමිති නායකයෝ කිහිප දෙනෙක් ද පැමිණ සිටියහ. 

(ඡායාරූප හා වීඩියෝ ළහිරු හර්ෂණ)

 

32b8ee41b72c2103714a7c47006655c69c8e1498b50741cbfce817ebc501ab95 d9db1b6850904841bd8b5f0a11103bdce83e6ebaa3cf2317e5e90646e7568130 da596dd613ee4bccedf00b336f03095f9f7a6e93d126c5579b81698d5cb0af77