ගම්පහ දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයෙන් බාරදුන් නාම යෝජනා ලැයිස්තුව දුෂිතයෝ, මන්කොල්ලකාරයෝ හෝ කුඩුකාරයෝ නැති පිරිසිදු ලැයිස්තුවක් බැවින් එහි වටිනකම වැඩිවී ඇති බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද පැවසුවේය.
‘‘අද අපි අපේ ලැයිස්තුව සුභ මොහොතින් බාර දුන්නා. එහි සියළු දෙනාම ගම්පහ දිස්ත්‍රික්කයෙන් විශිෂ්ඨ ජයක් ලබා ගන්නවා. එහි කිසි සැකයක් නැහැ. අපේ කණ්ඩායමේ රුවන්, හර්ෂණ, බෙවන් වගේ දක්ෂ අපේක්ෂකයෝ රැසක් ඉන්නවා.
ඒ වගේම මේ ලැයිස්තුවේ දුෂිතයෝ නැහැ, මංකොල්ලකාරයෝ, කුඩුකාරයෝ නැහැ. මේක පිරිසිදු ලැයිස්තුවක්. මෙහි ඇති වටිනාකම එයයි.
යහපාලනය තමයි අද අපේ තේමාව. ඒ යහපාලන තේමාව අනුව අපේ මැතිවරණ ව්‍යාපාරය කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

