ගම්පහ රෝහලට දින තුනකින් කොරෝනා ප්‍රතිකාර ඒකකයක් හදන්න යයි


(තිලකරත්න දිසානායක)
 
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට පැමිණෙන සාමාන්‍ය රෝගීන් සහ කොරෝනා වයිරස් රෝග තත්ත්වයේ රෝගීන් පරීක්ෂාවට ලක් කිරීම දැනට බාහිර ප්‍රතිකාර අංශය මගින් සිදු කරනු ලබන බැවින් කොරෝනා රෝග තත්ත්වයේ රෝගී පරීක්ෂාව පිනිස වෙනම ඒකකයක් සැකසීමට පියවර ගෙන ඇත.  
 
මේ සඳහා රුපියල් 600,000ක පමණ මුදලක් වැය කරන බවත් දින තුනක් තුළ ඒකකය ඉදිකිරීම අවසන් කර රෝහලට බාරදීමට අපේක්ෂා කරන බවත් රෝහල් පදනමේ සභාපති රවීන්ද්‍ර ගණේගොඩ මහතා පැවසීය. 
 
රෝහල් පදනමෙහි පූර්ණ මූල්‍ය දායකත්වය ඇතිව ගුවන් හමුදාවෙහි ශ්‍රම දායකත්වයෙන් මෙම ඒකකය ඉදිකිරීමට ඉදිරිපත් වී තිබේ.