
(තිලකරත්න දිසානායක.)
ගම්පහ නගරය ඇතුළු අවට නිවාස රැසක් දින 11 ක් තුළ දෙවන වරටත් ගංවතුර ගැලීම නිසා නගරවාසීහු දැඩි අපහසු තාවයට පත්ව සිටිති.
ඇතැම් නිවාස අඩි දෙකේ සිට අඩි පහ දක්වා ප්‍රමාණයට ජලයෙන් යටවී ඇත.
ජල බැස යන මාර්ග අවහිරවීම නිසා සාමාන්‍ය වර්ෂාවකදී පවා ගම්පහ නගරය මෙලෙස යටවීමට හේතුවී ඇති බවට ජනතාව චෝදනා නගති.
ගම්පහ නගර මධ්‍යයේ මාර්ග මෙන්ම නගරයට පිවිසෙන යක්කල මාර්ගය, මිනුවන්ගොඩ මාර්ගය සහ ජාඇල මාර්ගයද ජලයෙන් යටව පැවති අතර නගර මධ්‍යයේ ඇති පොලිස් අධිකාරී කාර්යාල භූමියද ජලයෙන් යටවී අත..
ජලය බැස යන මාර්ග නිසියාකාරයෙන් නඩත්තු මෙම ජල ගැල්මට ප්‍රධාන හේතුව වි ඇතැයි සමහරු පවසති.
අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල්ඔය පිටාර ගලා ඇත.




