ගම්පහ දේවස්ථානයේ යාඥා මෙහෙය පන්සලේ


( ගම්පහ තිලකරත්න දිසානායක)
 
 කුරිරු ත්‍රස්ත ප්‍රහාරයන් හේතුවෙන් ඉකුත් ඉරු දින මිය  සියලුම දෙනා වෙනුවෙන් පිං පැමිණවීම සහ එම අයගේ ආත්මයන් වෙනුවෙන්වු යාඥා මෙහෙයක් , ගම්පහ සිරි සුනන්දාරාම විහාරස්ථානයේදී  අද (27) දහවල්  පැවැත්විණි.  
 
ගම්පහ නාගරික එක්සත් වෙළඳ සංගමයෙහි මෙහෙයවීම යටතේ සහ සුනන්දාරාමාධිපති තුම්මෝදර සමිතසෝම නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම අවස්ථාව පැවති අතර මීට ගම්පහ සිරිකුරුස දේවස්ථානයේ ෆීලික්ස් ශාන්ත පියතුමන් ඇතුළු පියතුමන්ලා සහ හිමි වරුන්ද ගිහියන් පිරිසක්ද එක්ව සිටියහ.