ගම්පහ දුම්රිය පොළේ පළමු වේදිකාවේ ඇති බැංකු ටෙලර් යන්ත්‍රයක් කඩා ඇතත් මුදල් ගෙන යාමට නොහැකි වී ඇත. සොරුන්ට සේප්පුව කඩා ගැනීමට නොහැකිවීම ඊට හේතුවයි.
දුම්රිය සේවකයන්ගේ ආයුධ ගබඩාව කඩා ආයුධ පෙට්ටිය සොරාගෙන ටෙලර් යන්ත්‍රය පිහිටි කුටිය කඩා ඇති බව පොලීසිය කියයි.
ආයුධ කුටිය පිහිටියේ දුම්රිය පොළේ වෙනත් කෙලවරකය.

