ගම්පහ දිස්ත්‍රික්කයේ පෞද්ගලික කර්මාන්ත ශාලා 44 ක කම්කරු සිට විධායක ශ්‍රේණිය දක්වා රැකියා ඇබෑර්තු 2000 කට ආසන්න ප්‍රමාණයක් පවතින බව මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ වෘත්තීය මාර්ගෝපදේශ අධ්‍යක්ෂිකා මුදිතා පත්මජායි මහත්මිය පැවසුවාය.
මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව හා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ ගම්පහ දිස්ත්‍රික් රැකියා පොළ අද දවස පුරා ගම්පහ යශෝදරා දේවී බාලිකා විද්‍යාල පරිශ්‍රයේ පැවැත්වෙන අතර අද උදෑසන වන විට රැකියා විරහිත තරුණ තරුණියෝ දහසකට අධික ප්‍රමාණයක් එහි සිටිනු දක්නට ලැබිනි.
ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි කර්මාන්ත ශාලා 44 ක නියෝජතයෝද එහි පැමිණ සිටිති.
ඔවුන්ගේ අපේක්ෂාව වන්නේ තම ආයතනයන් හි පවතින ඇබෑර්තු සඳහා වන පුරප්පාඩු මෙම රැකියා පොල මගින් පුරවා ගැනීමයි.
ගම්පහ දිස්ත්‍රික් ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා පැවසුවේ රැකියා අපේක්ෂිත තරුණ තරුණයින්ගේ රැකියා අවශ්‍යතා හඳුනාගැනීම සඳහා වෙනම සමීත්ෂණයක් ද මෙහිදී සිදු කරන බවයි.
එම අවශ්‍යතාවයන් අනුව පුහුණු වැඩසටහන් පැවැත්වීමට කර්මාන්ත ශාලා හිමියන් සමග එකඟතාවයක් ඇති කරගැනීමට සැලසුම් කරන බවත් ඔහු පැවසුවේය.
(ඡායාරූප සහ වීඩියෝ දීපා අදිකාරි)

