ගම්පහ කප්පම් දෙන්නා පොලිසියේ


ගණේමුල්ල සහ ගම්පහ ව්‍යාපාරිකයන් බිය ගන්නවා කප්පම් ගන්නා බව කියන දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගණේමුල්ල පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු මීනීමැරුමක් සම්බන්ධයෙන් ගම්පහ මහාධිකරණයෙන් ඇප ලබා සිටින්නෙකි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ගම්පහ රෙදි ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 20,000ක කප්පමක් ඉල්ලා ඇති බවත්, එය නොදීම නිසා මීට දින කිහිපයකට පෙර ඔහුට පහර දී ඇති බවත්, ගුටි කෑ ව්‍යාපාරිකයා රෝහල් ගත වීමට යද්දී බිය ගන්වා එය ද නවත්වා ඇති බවත් පොලිසිය කියයි.

සැකරුවන් පෙරේදා (30) කඩු, කිණිසි ගෙන ව්‍යාපාරිකයාගේ නිවසට ගොස් තර්ජනය කර ඇති බව ද, ඒ මොහොතේ පොලිසියට ලද තොරතුරකට අනුව යාගොඩ නිවසට යද්දී සැකකරුවන් නොසිටි බව ද, සැඟව සිටි සැකකරුවන් ඊයේ (01) දහවල් අත්අඩංගුවට ගත් බව ද පොලිසිය සදහන් කරයි.

ඔවුන් සතුව තිබී කඩු දෙකක්, මන්නයක් හා කිනිස්සක් පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු (38) මීට වසර දෙකකට පමණ පර ගම්පහ කොට්ටේගොඩ දී කැබ්රථ රියදුරකු කපා කෝටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මාස ගණනක් රිමාන්ඩ් භාරයේ සිට ඇති බව ද, මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නොවන නඩු විභාගය අවසන්ව මහාධිකරණයෙන් ඇප ලබා සිටින බව ද පොලිසිය කියයි.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු   හා සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහත්වරුන්ගේ උපදෙස් පරිදි ගනේමුල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දමින්ද සෝමජිත් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක වැන්නගට්, පොලිස් සැරයන් රත්නායක, පොලිස් කොස්තාපල්වරුන් වන තිලකරත්න සහ රත්නායක මහත්වරු විමර්ශන සිදු කරති