ගම්පහ ඔස්මන්ට වෙඩිතැබූ තවත් දෙදෙනෙක් අත්අඩංගුවට


(තරිඳු ජයවර්ධන සහ ටෝනි කරුණානායක)


ගම්පහ ව්‍යාපාරික ඔස්මන් ගුණසේකර මහතාට වෙඩි තැබූ බවට සැකකරන කළු අජිත් ඇතුළු දෙදෙනෙක් පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

එම සැකකරුවන් දෙදෙනා පැය 24ක් පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් රාජිකා සිල්වා මහත්මිය අද සවස නියෝග කළාය.


එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මේ වනවිට 5 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.