(නිමන්ති රණසිංහ)
කෝවිඩ් වසංගත තත්වය හේතුවෙන් හුදකලා කර තිබූ දිස්ත්‍රික්ක 5 කට අයත් ප්‍රදේශ කිහිපයක් අද 26 උදෑසන සිට හුදකලා බවින් මුදා හළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
ඒ අනුව කෑගල්ල රත්නපුර ගාල්ල මුලතිව් සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් මුදා හැරඇත .
කෑගල්ල දිස්ත්‍රික්කය කෑගල්ල පොලිස් බල ප්‍රදේශයේ මලවිට ග්‍රාම නිලධාරී වසමේ ගෝලින්ද වත්ත 3 කොටස,රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම පොලිස් බල ප්‍රදේශයේ පරගල ග්‍රාම නිලධාරී වසම, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය පොලිස් බල ප්‍රදේශයේ පරණ කොලනිය ග්‍රාම නිලධාරී වසම වසමේ දිවිතුරු වත්ත, මුලතිව් දිස්ත්‍රික්කයේ නයාරු පොලිස් බල ප්‍රදේශයේ වෙම්මාලි නැගෙනහිර නයාරු ධීවර කොටස,මොණරාගල දිස්ත්රික්කයේ මොනරාගල පොලිස් වසමේ පිහිටි හිදිකිවුල ග්‍රාම නිලධාරී වසමේ නක්කල වත්ත ග්‍රාම නිලධාරී වසමේ මිල්ලකැලේ වත්ත ග්‍රාමය මෙසේ හුදකලා බවින් නිදහස් කර ඇත.

