ගමන් මලු පැහැරගන්නෙක් කොල්ලුපිටියෙන් අල්ලයි


ත්‍රී රෝද රථයෙන් ගොස් මාර්ගවල තනිව ගමන් කරන විදේශිකයන්ගේ ගමන් මලු පැහැර ගන්නා අයකු කොල්ලුපිටියේදී අද (27) අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

දොම්පේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සැකකරු (31) ත්‍රී රෝද රියෙන් පැමිණ කොළඹ හා ගාලු පාරේත් අවට තදාසන්න නගරවලත් සොරකම් සිදු කර ඇතැයිද පොලිසිය සොයාගෙන ඇත.