විදේශ ගමන් බලපත්‍රයට අයදුම්කරුගේ ඇඟිලි සටහන අනිවාර්ය කිරීම නීතිගත කිරීම සඳහාවන පනතක් සඳුදා (27) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යයි. ඒ අනුව ගමන් බලපත්‍රයක් ඉල්ලුම් කරන හෝ අලුත් කරන අයදුම්කරුවකු දෙපාර්තමේන්තුවට ඇඟිලි සලකුණු ලබාදිය යුතුය.
අන්තර්ජාතික සිවිල් ගුවන්සේවා සන්ධානයේ සම්මතයනට හා නියමයනට අනුව මේ පියවර ගැනීමට යයි.

