තංගල්ල සීනිමෝදර යායවත්ත මාර්ගය පිළිසකර කර දෙන්නැයි ඉල්ලමින් ගැමියෝ පිරිසක් අද සීනිමෝදර පාලම අසලින් මාතර - තංගල්ල මාර්ගය අවහිරකරමින් උද්ඝෝෂණයක් කළහ.ඒ හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනා ගමනයට බාධා එල්ල විය. එම ස්ථානයට පැමිණි ධීවර රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා මහතා පැමිණ මෙම 20 වැනි දාට පෙර මාර්ගය වැඩ ආරම්භ කරන බවට පොරොන්දු වීමෙන් පසු උද්ඝෝෂකයෝ විසිර ගියහ.


