ගත වු පැය 24 දී නිරෝධායන නීති කැඩු 417 ක් අත්අඩංගුවට


(ඉන්දිකා  රාමනායක)

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 417 දෙනෙකු ගත වු පැය 24 ක කාලය තුළ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මින් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පොළ ප්‍රදේශයෙන් වන අතර එම ප්‍රමාණය 112 කි . සෙසු වැඩිම ප්‍රමාණය අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවරින් සහ මාතලේ ප්‍රදේශයෙනි.

මහනුවර ප්‍රදේශයෙන් පුද්ගලයන් 55ක්  දෙනෙකු හා ගම්පොල ප්‍රදේශයෙන් පුද්ගලයන් 45 දෙනෙකු වශයෙන් ද අත්අඩංගුවට ගෙන තිබිණි.

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගත් 47240 ක් බව පොලීසිය කියයි .