ආණමඩුව කොට්ටුකච්චියේ නිවසක මාස කිහිපයක් රැඳී සිටි යකැදුරකුගෙන් ළය විරේකයක් කර ගත් දියණිය සහ පියා මරණයට පත්ව ඇති බව පුත්තලම සහ හලාවත රෝහල්වලදී සිදුවූ හදිසි මරණ පරික්ෂණ වලදී අණාවරණය වී තිබේ.
මල්නයිදෙගේ තුෂාරි සංජීවා ප්‍රනාන්දු (39) තිදරු මවක් හා ලයනල් ප්‍රනාන්දු (60) ඔවුහුය.
බන්ධන හා කොඩිවින ඉවත් කිරීමට යැයි පවසමින් තැඹිලි ගෙඩි හත බැගින් ගෙන විවිධ ඖෂධ හා පිටි කිරි දමා බීමට දී ඇති බවත්, එය පානය කිරීමෙන් පසු මොවුන් දැඩි ලෙස රෝගාතුරවී රෝහලට ඇතුළත් කර ඇති බවත් කියති.
දියණිය 18 වැනිදාත් පියා 22 වැනිදාත් මරුමුවට පත්වූහ.
‘අදාල ළය විරේකය සිදු කල යකැදුරාට ළය විරේකය කිරීම සදහා ආයුර්වේද සභාවේ හෝ වෙනත් පිළිගත් වෛද්‍ය ආයතනයක සහතිකයක් නැහැ. යකැදුරා මීට පෙර ගඩොල් කපන්නෙක්‘ බව කියති.
සිරුරු කොටස් රස පරීක්ෂක වෙත යැවීමට නියෝග කළ හදිසි මරණ පරීක්ෂක නන්දන විමලවීර මහතා තීන්දුව කල් තැබීය.




