ගඩාපිගේ කමිසයට, මුදුවට කෝටි 22 ලන්සුවක්


ලිබියාවේ හිටපු නායක මුහමර් ගඩාපි මරා දමන විට ඇඳ සිටි කමිසය හා මුද්ද වැඩි මිලකට අලෙවි කිරීම සඳහා ප්‍රසිද්ධ වෙන්දේසි‍යේ තැබූ බව එහි වර්තමාන හිමිකරු ලිබියා ජාතික අහමඩ් වර්නාලි පවසයි. එහි ලන්සුව ඩොලර් ලක්ෂ 20ක් හෙවත් රුපියල් කෝටි 22කි. යුරෝපා රටක දී මේ වෙන්දේසිය පැවැත්වීමට බලාපොරොත්තුවෙන් සිටියත් එය ඉටු නොවු බව අහමඩ් කියයි.  ලිබියා ජාතිකයින් වැඩි පිරිසකගේ අදහස වී ඇත්තේ එම කමිසය සහ මුද්ද ලිබියාවේම තිබිය යුතු බවයි.