ගජමුතු දෙකක් නාවලපිටියේදී රුපියල් කෝටි දෙකකට විකිණීමට ගිය වත්තල ධනවත් ව්‍යාපාරිකයකු සහ කාන්තාවක සැකපිට අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය කියයි. නාවලපිටිය ගැණුම්කරුවකුට විකිණීම සඳහා ගජමුතු දෙක රැගෙන ගොස් ඇති අතර ඔවුන් ඉබේම පොලිස් උපායදූතයන්ගේ උගුලට අසු වූ බව පොලිසිය කියයි.

