ගජමුතුත් නෑ සල්ලිත් නෑ


ගජ මුතු දෙකක් රුපියල් ලක්ෂ හතලිස් පහකට විකිණිමට ගිය හිමිනමක් හා තවත් පුද්ගලයෙක් පේරාදෙණිය මුරුතලාවේදී  පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.

අනුරාධපුරයේ සිට ගෙන ආ බව කියන ගජමුතු මුදාලි වෙස් ගත් පොලිස් නිලධරයකුට විකුණද්දී  අත්අඩංගුවට ගෙන ඇත.