ගජමුතු අත්පළඳනාවක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට


(තුසිත කුමාර ද සිල්වා)


බේරුවෙල පරණකඩේ ප්‍රදේශයේ දී සැකකරුවන් තිදෙනකු සමඟ රුපියල් එක්කෝට් විසි ලක්ෂයක් වටිනා ගජමුතු 13ක් අඩංගු අත්පලදනාවක් බේරුවල පොලිසිය අත් අඩංගුවට ගත්බව කියයි.


මෙම ගජමුතු අඩංගු අත්පලදනාව විසින් අලෙවිකිරීමට මෙයට දෙසතියක කාලයක පටන් කටයුතු කළ අතර බේරුවෙල බේරුවල පොලිස් ස්ථනාධිපතිවරයාට ලද තොරතුරු අනුව විමර්ශන සිදු කර ඇත.


පොලිස් කොස්තාපල් වරයෙකු ගැනුම් කරුවෙකු ලෙස වෙස්ගන්වා සැකකරුවන් වෙත හමුවට ගොස් රුපියල් ලක්ෂ 10ක මිලකට මෙම ගජමුතු අත්පළදනාව මිලදී ගැනීමට කටයුතුකර මෙම සැළසුම අනාවරණය කර සැකකරුවන් සමඟ ගජමුතු අත් අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය කියයි.


සැකකරුවන්ට මෙම ගජමුතු තොගය මහනුවර පුද්ගලයෙකුගෙන් ලැබී ඇතැයි පොලිසියට අනාවරණය වී තිබේ.