ගජබා විරුවෝ රණශූර පදක්කම් ලබති


කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට මුදා ගැනීමේ මානුෂීය මෙහෙයුමේ දී දිවි පිදූ, අතුරුදහන් වූ, ආබාධිත වූ යුද හමුදාවේ  ගජබා රෙජිමේන්තුවේ රණවිරුවන් 785 දෙනකුට රණශූර පදක්කම් ප්‍රදානය කිරීම අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ දි අද පැවැත්විණි. ගජබා රෙජිමේන්තු අධිපති මේජර් ජනරාල් එස්.ඩබ්ලිව්.එල් දවුලගල මහතා ප්‍රධාන ආරාධිතයා විය.