පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පස් දෙනෙක් හා සිසුවියක් මහවැලි ගගේ කලුගමුව ගග ආශ්‍රිතව දිය නෑමට පැමිණ අසභ්‍ය ලෙස හැසිරුණු බව කියමින් ගම්වැසියෝ සිදු කළ පැමිණිල්ලක් මත ඔවුන් අත් අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලිසිය පවසයි.
ගම්මානයේ පිරිස් පැමිණ එම සිසුන් පැමිණි යතුරුපැදි තුනක රෝද වල හුලං ඇර කපා දමා ඇති බවත් ඉන් පසු ඔවුන් 119 දුරකතන අංකයට පැමිණිලි කිරීමෙන් පසු පේරාදෙණිය පොලිසිය එහි පැමිණ ඇති බවත් කියති.
සිසුන් බිමත්ව සිට ඇති බවට පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරයකු ලවා අධිකරණ වෛද්‍ය වාර්තාවක්ද ලැබී ඇති බවත් අධ්‍යාපනය ලබන සිසුන් බැවින් පොලිසිය ඔවුන්ට අවවාද කර ශිෂ්‍යාව ඇයගේ සහෝදරයාට ද බාරදි මුදා හැරි බවත් පොලිසිය කියයි.

