ගංවතුරින් රුවන්පුරේ පවුල් 2362 ක් අවතැන්



 
අජිත්ලාල් ශාන්තඋදය


ඇදහැලූණු වැසි නිසා රත්නපුර දිස්ත‍්‍රික්කයේ ගංවතුර හේතුවෙන් අද (21) දහවල් වන විට පවුල් 2362ක් අවතැන්ව නිවාස දෙකකට පූර්ණ හානි සිදුව තවත් නිවාස 17කට අර්ධ හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ රත්නපුර දිස්ත‍්‍රික් සහකාර අධ්‍යක්‍ෂ මුදිත මංජුල මහතා පැවසීය.


පවුල් 1122ක් අවතැන්ව සිටින්නේ කුරුවිට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙනි. කුරුවිට නිවාස පහකට අර්ධ හානි සිදුව ඇත. කිරිඇල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨසයේ පවුල් 322ක් අවතැන්ව සිටින අතර පහළගම සහ අකුරණ යන ග‍්‍රාමසේවා වසම්වල නිවාස දෙකක්  පූර්ණ හානි සිදුව තවත් නිවාස හතරකට අර්ධ හානි සිදුවී ඇත.

රත්නපුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨසයේ අවතැන්ව සිටින පවුල් පවුල් ගණන 249කි. නිවාස පහකට අර්ධ හානි සිදුව ඇත. කඳවුරු පහක අවතැන්වූවන් රඳවා සිටී. 


ඇලපාත ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අවතැන් වූ පවුල් ගණන 358කි. නිවිතිගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 93ක් අවතැන්ව ඇති අතර නිවාස හතරකට අර්ධ හානි සිදුව ඇත. කලවාන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් තිහක් අවතැන්ව ඇත. 


කහවත්ත ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස තුනකට අර්ධ හානි සිදුව පවුල් තුනක් අවතැන්ව සිටී. ඇහැළියගොඩ ප‍්‍රාදේශීය ලේකම් කේට්ඨාසයේ පවුල් පහක් අවතැන්ව සිටී. සෙසු ප‍්‍රදේශ වලින් හානි වාර්තා ලැබෙමින් පවතින බවද රත්නපුර දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.