(ගයාන් සූරියආරච්චි)
නුවරඑළිය ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්වය හේතුවෙන් අවතැන් වී සිටි විදේශිකයන් 21 දෙනෙකු ගුවන් හමුදා අනුරාධපුර කදවුරේ අංක 06 හෙලිකොප්ටර් බලඝනයට අයත් MI-17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් යොදා ගනිමින් ඊයේ (1) සවස බේරා ගෙන කටුනායක ගුවන් හමුදා කදවුර වෙත බාර දුන් බව ගුවන් හමුදාව පවසයි.
මෙසේ බේරාගෙන ඇත්තේ ඉන්දියානු ජාතිකයන් පිරිසක් බව ගුවන් හමුදාව පවසයි.


