ගංවතුරට ආණ්ඩුවේ සුදානම මදි - බිමල් රත්නායක


(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
 
ගංවතුරට ආණ්ඩුවේ සුදානම ප්‍රමාණවත් නැතැයි ජවිපෙ මන්ත්‍රී බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (23) චෝදනා කළේය.

 
බිමල් රත්නායක මහතා මේ චෝදනා කළේ ජාතික පරිසර පනත යටතේ පැවති විවාදයේදීය.
 
බිමල් රත්නායක මහතා එහිදී  මෙසේද කීය
 
    ‘‘ගංවතුරට මුදල් වෙන් කරලා විතරක් මදී. ඒ බෙදන්නෙත් එයාලගේ පෞද්ගලික මුදල් නෙවෙයි. මහජනතාවගේ සල්ලියි.සල්ලි බෙදන්න කලින් තවත් කරන්න දේවල් තියනවා.
 
රත්නපුරය හැම වතාවයක්ම ගංවතුරකට ලක් වෙනවා.නමුත් ඒ ප්‍රදේශවල එක බෝට්ටුවක්වත් සුදානම් කරලා නෑ .ඉතිං මොකක්ද ආණ්ඩුවේ සුදානම.පරිසර නීති ගෙනාවාට වැඩැක් නැහැ. ඒවා හරියට ක්‍රියාත්මක නොවෙනවා නම් පරිසර නීති දුෂණයෙන් තොරව ක්‍රියාත්මක කිරීම නිවැරදි  දේශපාලනඥයින් රජයේ නිලධාරීන් අවශ්‍යයි.
 
ඇඹිලිපිටියේ කැලෑවේ අක්කර ගණන් සුද්ධ කරලා සෝලා චැනල් ගහනවා . හිටපු හමුදා ප්‍රධානීයෙක්ද ඊට සම්බන්ධයි.මේ ගැන හොයන්න.
 
විල්පත්තුව වනසන ජාතිවාදී දේශපාලනඥයින් ගැනත් සොයන්න. අවතැන්වු අයට ඉඩම් දෙන්න එපා කියලා කවුරුත් කියන්නේ නෑ.විල්පත්තුවේ අයට ඉඩම් ඕනෑ.නමුත් ඒ මුවාවෙන් වනාන්තර විනාශ කරන්න දෙන්න බැහැ.‘‘