
(ගයාන් සූරියආරච්චි, ප්‍රියන්ත දසනායක,තරංග ගුණරත්න සහ එස්.මද්දුමගේ)
මාතර ඇතුළු ප්‍රදේශ ගණනාවකට පැවැති වැසි සහිත කාලගුණයත් සමග ගංවතුරු පැවැති ප්‍රදේශවල සිට උසස් පෙළ විභාගයට යන දරුවන්ට අවශ්‍ය පහසුකම්සැලසීමට නාවික හමුදාව,යුද හමුදාව, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක සහ අනෙකුත් සහන කණ්ඩායම් අද දින පියවර ගත්තේය.
ශ්‍රී ලංකා නාවික හා යුද හමුදාව, පොලීසිය, ඇතුළු ප්‍රජාවේ සම්බධීකරණයෙන් එම දූදරුවන් නියමිත වේලාවට විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට අවශ්‍ය පියවර ගත් බව දිස්ත්‍රික් ආපදා නිලධාරීහු පවසති.
කඹුරුපිටිය මාර්ගයේ හෝන්දුගොඩ, සියඹලාගොඩ මාර්ගයේ පානදුගම, අතුරලිය කද්දුව මාර්ගයේ බලකාවල යන ප්‍රදේශවල යුද හමුදාව අවශ්‍ය සහාය ලබාදී ඇත.
වැලිගම ජඹුරගොඩ හරහා ඉමදුව මාර්ගය ජලයෙන් යටවීම නිසා ගමනාගමන කටයුතුවලට බාධා පැමිණ ප්‍රදේශ රැසක ජනතාව පීඩාවට පත් වෙති.
ගාලු දිස්ත්‍රික්කයේ ඉමදුව යක්කලමුල්ල ආදී ප්‍රදේශවලට ඇදහැලුණු වර්ෂාපතනය ක්‍රමක් ක්‍රමයෙන් පොල් අතු මෝදර ගඟ ඔස්සේ පහත් බිම් ප්‍රදේශ වන වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වැලිගම ජබුරගොඩ ප්‍රදේශ වෙත ගලා බැසීම නිසා වැලිගම ජබුරගොඩ හරහා ඉමදුව ප්‍රධාන මාර්ගය ස්ථාන කිහිපයක ජලයෙන් යටව තිබේ'
මෙ සමඟ ජඹුරෙගොඩ බටහිර සහ නැගෙනහිර ප්‍රදේශවලට අයත් හියල්ගොඩ, සහ පාමංඇල්ල , දීගන බෝක්කුව අසල ආදී ස්ථානවල මාර්ගය ජලයෙන් යටවී තිබේ.
මෙහිදී රථවාහන ගමනාගමනය සම්පූර්ණයෙන් ඇන හිට තිබෙන අතර ඒ සමග ජනතාවගේ දෛනික කටයුතුවලට බාධා සිදුවීමෙන් ප්‍රදේශයේ පදිංචි පවුල් විශාල පිරිසක් පීඩාවට පත්ව සිටිති.
කෙසේ නමුත් මෙම දිනවල පවතින අපොස උසස් පෙළ විභාගය සඳහා ඉදිරිපත්වන දරුවන් සදහා කිසිදු බාධාවකින් තොරව අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබාදීමට වැලිගම ප්‍රාදේශීය සභාව මගින් ඒ සඳහා අවශ්‍ය ටිපර් රථ සහ ට්‍රැක්ටර් රථ යෙදෙවීමට කටයුතු කළහ.
තරංග ගුණරත්න

ප්‍රියන්ත දසනායක




