ගංවතුර ආපදාවට දායකත්වය දෙන්න විපක්ෂයත් සූදානම්



(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ආපදා තත්වය වර්ධනය වන හෙයින් ජනතාවට සහන සැලසීම සඳහා රජයේ වැඩපිළිවෙල කුමක්දැයි ඉදිරිපත් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය.

ජනතාව වෙනුවෙන් මෙම ප්‍රශ්නය අහන බවද ඔහු සඳහන් කළේය.

විපක්ෂය විදියට මේ අමාරු මොහොතේ  දායකත්වය   දෙන්න සූදානම් බවද විපක්ෂ නායකවරයා පැවසීය.