(රංජිත් රාජපක්ෂ)
පවතින අර්බුදකාරී තත්ත්වය තුළ වෙළෙන්දෙකු සතුව ප්‍රමාණවත් තොග තිබියදීත්, ද්‍රව පෙට්‍රෝලියම් (LP) ගෑස් විකිණීම ප්‍රතික්ෂේප කරන බවට ලැබුණු පැමිණිලි අනුව, පාරිභෝගික කටයුතු අධිකාරියේ නුවරඑළිය නිලධාරීන් විසින් හැටන් දික්ඔය නගරයේ හදිසි වැටලීමක් ඊයේ (01) දින සිදුකරන ලදී.
එහිදී කෘතිම හිඟයක් ඇතිකිරීමේ අරමුණින් ගෑස් තොග සඟවා තිබු වෙළෙඳ ආයතනයක සිදු කල වැටලීමේදි 12.5kg සිලින්ඩර – 36ක්, 5kg සිලින්ඩර- 01ක් සහ 2.5kg සිලින්ඩර – 20 ක් අලෙවිසැලේ තිබී සොයාගන තිබේ.
පාරිභෝගිකයින් අත්‍යවශ්‍ය LP ගෑස් ලබාගැනීමට දැඩි දුෂ්කරතාවයකට මුහුණ දී සිටින අවස්ථාවක සගවා තිබු මෙම ගෑස් තොගය අධිකාරියේ නිලධාරීන් විසින් සිය භාරයට ගැණින.
හදිසි තත්ත්වය සහ මහජනතාවගේ ක්ෂණික අවශ්‍යතා සැලකිල්ලට ගනිමින්, සගවා තිබු සම්පූර්ණ ගෑස් තොගයම නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ පාරිභෝගිකයින්ට එම අවස්ථාවේම අලෙවි කිරීමට කටයුතු කරන ලදි.
2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු අධිකාරී පනත උල්ලංඝනය කරමින් භාණ්ඩ විකිණීම ප්‍රතික්ෂේප කිරීම යටතේ අධිකාරියේ විසින් මෙම වෙළෙන්දාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.


