ගංජා-හෙරොයින්-අයිස් සමඟ තිදෙනෙක් මීගමුවේදී අත්අඩංගුවට


(දිල්රුක්ෂි ග්‍රේරු)

විවිධ මත්ද්‍රව්‍ය, මුදල්, ලොරි රථයක් සහ සුඛෝප⁣⁣භෝගී වෑන් රියක් සමඟ පුද්ගලයින් තිදෙනකු මීගමුව කොට්ඨාස  අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගංජා කිලෝ 44 ක්, හෙරොයින්  ග්‍රෑම්  5ක්, අයිස් ග්‍රෑම්  4 ක් සහ ලක්ෂ 10 ක මුදල් සැකකරුවන් සතුව තිබූ බව මීගමුව කොට්ඨාස  අපරාධ විමර්ශන අංශ නිලධාරීහු කියති.