ගංගාරාමෙත් මහා පිරිස්


නව වසර උදාවීමත් සමගම බෞද්ධයෝ විහාරස්ථාන වලට ගොස් තෙරුවන් සරණ ගියහ. කොළඹ හුණුපිටිය ගංගාරමය ද අද උදෑසන සිට සුදු ඇඳගත් පිරිස්වලින් පිරී පැවැතුණි. ආගමික වතාවත් සඳහා එම විහාරස්ථානයට පැමිණෙන හැම කෙනෙකුටම සෙත් පතා තුටු පඩුරක් දීම ගංගාරාම විහාරාධිපති ගල්බොඩ ඤාණිස්සර හිමියන්ගේ සම්ප්‍රදාය මෙවර ද සිදු විය.