ගං වතුරෙන් වසංගත රෝග පැතිරීමේ අවදානමක්


(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)


ගංවතුර බැස යාමත් සමඟ එම ප්‍රදේශවල වසංගත රෝග පැතිර යාමේ අවදානමක් ඇතිවිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පි .විජේසුරිය මහතා ජනතාවගෙන් ඉල්ලා සිටි.


ගංවතුර පැවති ප්‍රදේශවල ජලය බැස යාමත් සමග පාචනය, අතිසාරය, සෙංගමාලය, ඇතුලු බෝවන රෝග මෙන්ම සමේ රෝගද ඇතිවිය හැකි බැවින් එම ප්‍රදේශවල අවතැන්ව සිටින ජනතාව මෙන්ම ඒ අවට පදිංචිකරුවන්ද උණුකර නිවාගත් වතුර බිමට ගන්නා ලෙසත් පිසින ලද ආහාර වර්ග මැස්සන් ඇතුලු කෘමි සතුන්ගෙන් ආරක්ෂා ගන්නා ලෙසත් ඒ මහතා ඉල්ලා සිටි.


එයට අමතරව පොදු මගි ප්‍රවාහන සේවාවල ගමන් කිරිමෙන් පසුව හා වැසිකිළි යාමෙන් පසුව සබන් ගා අත් සේදිය යුතු අතර විශේෂයෙන් පලා වර්ග ආහාරයට ගැනිමේදි සැළකිලිමත් විය යුතුවේ.


පිසු ආහාර ලබා දිමේදිද දෙනු බලන එළවලු පලා වර්ග ගැන සැළකිලිමත්විය යුතු අතර ජලය බැසගිය පසු ඩෙංගු වැනි රෝග පවා ඇතිවිය හැකි නිසා අවට පරිසරය පිරිසිදු කර ගැනිම අවශ්‍ය බවත් අවශ්‍ය වුවහොත් එම ප්‍රදේශවල සායන පැවැත්විමට කටයුතු කරන බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසිය.


ගංවතුර බැසගිය පසු එම ප්‍රදේශවල ජනතාව බෝවන රෝගවලින් වළක්වා ගැනිම සඳහා දැනුම්වත් කිරිමේ වැඩ සටහන් පැවැත්විමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයද තිරණය කරතිබේ.