ගං වතුර නවත්තන්න මිලියන 2482 ක්


(අංජුල මහික වීරරත්න)

බස්නාහිර පළාතේ ගංවතුර තත්ත්වය පාලනය කිරීම සදහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 2,482 ක් වෙන්කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි. 

බස්නාහිර පළාතේ ගංවතුර තත්වය පාලනය කිරීමේ ප්‍රධාන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබන්නේ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසිනි.

එම ප්‍රතිපාදන යොදා ගනිමින් බස්නාහිර පළාතේ ගංවතුර තත්වය පාලනය කිරීමට ප්‍රධාන ව්‍යාපෘති 6 ක වැඩ කටයුතු සිදු කිරීමට නියමිත බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ඒ අනුව මහ කොළඹ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය සදහා මේ වසර තුළ වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 292 කි. කොළඹ ගංවතුර පාලනය කිරීම හා යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම පදනම් කර ගනිමින් 2012 වසරේදී ලෝක බැංකු ආධාර සහ දේශීය අරමුදල් මත මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරිණ.