(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මොහොමඩ් උවයිස් මහතා ඉල්ලා අස්වී තිබේ.
උවයිස් මහතා ඉල්ලා අස්වීමේ ලිපිය විදුලි හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාට යොමු කර තිබේ.
පෞද්ගලික හේතුවක් මත ධුරයෙන් ඉල්ලා අස්වන බව ඒ මහතා දැනුම් දී තිබේ.

