ඛනිජ තෙල් සඳහා සහන ඉල්ලයි


(යොහාන් භාසුර)

ඛනිජ තෙල් මිල අද හෝ හෙට ඉහළ නොයන බවත් ඛනිජ තෙල් සඳහා සහනයක් ලබාදෙන ලෙස මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇති බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ‘ලංකාදීප’යට පැවසීය.

මහා භාණ්ඩාගාරයෙන් කළ ඉල්ලීමට මේ දක්වා ප්‍රතිචාරයක් ලැබී නොමැති බව කී අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එම ඉල්ලීමට ලැබෙන ප්‍රතිචාරය සහ ලැබෙන දිනය අනුව ඛනිජ තෙල් මිල ඉහළ දැමීම තීරණය වන බවත් සඳහන් කළේය.