(ඩයනා උදයංගනී)
භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කැණීම් කාර්යාංශය මගින් ඛනිජ කැණීම, ප්‍රවාහනය හා වෙළඳාම සම්බන්ධයෙන් නිකුත් කර ඇති බලපත්‍රවල වලංගු කාලය ජූනි 15 වැනිදා දක්වා දීර්ඝ කර ඇතැයි එම කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් ඉංජිනේරු ඩී. සජ්ජන ද සිල්වා මහතා පැවසීය.
ඒ අනුව මේ වන විට අලුත් කිරීම සඳහා අයදුම් කර ඇති සහ මැයි මස 1 වැනිදා සිට ජූනි 15 වැනිදා දක්වා කාලයේදී අවලංගුවීමට නියමිත බලපත්‍රවල වලංගු කාලය ජූනි 15 වැනිදා දක්වා දීර්ඝ කරන බව අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් පනවා ඇති සංචරණ සීමා අනුව බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යය අපහසු බැවින් මෙම පියවර ගත් බව ද සජ්ජන ද සිල්වා මහතා කීවේය.
ඒ අනුව දැනට තිබෙන බලපත්‍රවල සඳහන් කොන්දේසි හා අනුමත කියුබ් ප්‍රමාණන් නොඉක්මවන පරිදි ඛනිජ කැණීම, ප්‍රවාහනය හා වෙළඳාම කරගෙන යා හැකි බව ද හෙතෙම පැවසීය.
එමෙන්ම එම කටයුතු සෞඛ්‍යාරක්‍ෂිතව කරගෙන යා හැකි බව කී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මේ සම්බන්ධයෙන් ගැටලුවක් වේ නම් 077 5748875 දුරකතන අංකයෙන් කාර්යාංශයේ අධ්‍යක්‍ෂ (ඛනිජ හිමිකම්) අමතා ලබාගත හැකි බව ද සඳහන් කළේය.

