ඛණිජ තෙල් සේවකයෝ වර්ජනය අතහරිති


මහින්ද නිශ්ශංඛ

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැති සාකච්ඡාවකදී ලැබුණු ලිඛිත පොරොන්දුවක් මත ඛණිජ තෙල් සේවකයන් ආරම්භ කළ වැඩ වර්ජනය අද රාත්‍රී අත්හිටුවන බව ලංකා ඛණිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රංවල මහතා කියයි.
 
ඒ අනුව අද රාත්‍රී සිට සුපුරුදු පරිදි තෙල් බෙදා හැරීමේ කටයුතු සිදු වන බව ද ඔහු පවසයි.