ක‍්‍රිකට් විනිසුරු සංගමය හැරගිය විනිසුරුවන්ගේ නව සංගමයක්


ප‍්‍රමුඛ පෙළ (පි‍්‍රමියර්) කි‍්‍රකට් විනිසුරුවන් පිරිසක් විසින් නව කි‍්‍රකට් විනිසුරුවන්ගේ සංවිධානයක් පිහිටුවීමට මේ වනවිට පියවර ගෙන තිබේ. ප‍්‍රමුඛ (පී‍්‍රමියර්) කි‍්‍රකට් විනිසුරුවන්ගේ සංගමය නව සංවිධානයේ නාමය වන අතර එහි සභාපතිවරයා ලෙස අන්තර් ජාතික කි‍්‍රකට් විනිසුරු ගාමිණි දිසානායක මහතා කටයුතු කරයි. මෙරට කි‍්‍රකට් විනිසුරුවන්ගේ ප‍්‍රධානතම සංවිධානය වන ශ්‍රී ලංකා කි‍්‍රකට් විනිසුරුවන්ගේ සංගමයේ මෙතෙක් සාමාජිකත්වය දැරූ නව විනිසුරු සංගමයේ සාමාජිකයන් පිරිසක් ”ලංකාදීප”යට  පැවසුවේ එම සංගමයේ ප‍්‍රධාන තනතුරක් දරන බලධාරියෙකුගේ අත්තනෝමතික කි‍්‍රයාකලාපයට විරෝධය පළකිරීම සඳහා තමන් මීට ඉහත අවස්ථාවක දී ඉන් ඉවත් වූ බවයි. කි‍්‍රකට්  විනිසුරු සංගමයෙන් ඉවත් වූ සාමාජිකයන් ඒකරාශි කරගනිමින් නව කි‍්‍රකට් විනිසුරු සංවිධානය ගොඩනැගූ බවත් ඔවුහු පැවසූහ. එහි ප‍්‍රකාශකයෙකු ”ලංකාදීප”යට පැවසුවේ මේ වනවිටත් නව සංගමය තරග  සඳහා විනිසුරුවන්ගේ සේවය ලබාදීම ආරම්භ කර තිබෙන බවයි. ඉකුත්දා දිවයිනට පැමිණි හොංකොං කි‍්‍රකට් කණ්ඩායමට එරෙහිව පැවැති විස්සයි-20 තරගය ඇතුළු ඉන්දියාවේ ප‍්‍රාන්ත කි‍්‍රකට් කණ්ඩායම් දිවයිනට පැමිණි අවස්ථාවේ දී එහි තරග විනිශ්චයට සහභාගිවී ඇත්තේ ද ප‍්‍රමුඛ විනිසුරු සංගමයේ විනිසුරුවන්ය. නව විනිසුරු සංගමය ස්ථාපිත කිරීම පිළිබඳව ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට ද දැනුම් දී තිබෙන අතර නව විනිසුරු සංවිධානයට අවශ්‍ය සහයෝගය ලබාදීමට එහිදී කි‍්‍රකට් ආයතනය ප‍්‍රතිඥා දුන් බව ද එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය. නව විනිසුරු සංවිධානයේ ප‍්‍රධාන ලේකම්වරයා ලෙස මොරිස් ඩිලා ද සිල්වා මහතාත්, භාණ්ඩාගාරික ලෙස කපිල කොට්ටච්චි මහතාත්, උප සභාපතිවරුන් ලෙස සේන නන්දිවීර, සාගර ගාල්ලගේ, රෝහිත කොට්ටච්චි, රවින්ද්‍ර කොට්ටච්චි, ඒ. ජයසූරිය, අතුල සේනානායක හා නලින් විතාන යන මහත්වරුත් සම්බන්ධීකාරක ලෙස එරික් කන්නන්ගර මහතාත්  කටයුතු කරති. එහිදී සේන නන්දිවීර හා රෝහිත කොට්ටච්චි යන මහත්වරු පැවැති සියැට් ක‍්‍රිකට් වර්ණ ප‍්‍රදානෝත්සවයේදී වසරේ හොඳම ක‍්‍රිකට් විනිසුරුවන්ටද සම්මාන ලැබූහ. මෙරට සිටින සියලූම අන්තර් ජාතික කි‍්‍රකට් විනිසුරුවන් මෙන්ම එක් අයෙකු හැරෙන්නට සෙසු සියලූම ප‍්‍රමුඛ පෙළ කි‍්‍රකට් විනිසුරුවන් නව සංවිධානය නියෝජනය කරන බවත් වාර්තාවේ. කි‍්‍රකට් විනිසුරුවන්ගේ සංගමයෙන් වෙන්ව ගිය  පාර්ශ්ව කීපයක් මීට පෙරත් නව කි‍්‍රකට් විනිසුරු සංවිධාන පිහිටුවා ගැනීමට කටයුතු කළ අතර එම සංවිධාන කීපයක් දැනටත් කි‍්‍රයාත්මක වේ.

ක‍්‍රිකට් විනිසුරුවන් වීමට කාන්තාවන්ටත් අවස්ථාවක්

ප‍්‍රමුඛ  කි‍්‍රකට්  විනිසුරුවන්ගේ සංගමය නව කි‍්‍රකට් විනිසුරුවන් බඳවා ගැනීම දැන්  ආරම්භ කර තිබේ. එහි විශේෂත්වය ඒ සඳහා කාන්තාවන් ද බඳවා ගැනීමට තීරණය කිරීමයි. වයස 20ත් 45ත් අතර අවම සාමන්‍ය පෙළ සමත් වූ කාන්තා හා පිරිමි දෙපක්‍ෂයටම  ලබන දෙසැම්බර් 31 වැනිදා දක්වා ඒ සඳහා ඉල්ලූම් කළ හැකිය. අයැදුම්පත් ලේකම්, ප‍්‍රමුඛ කි‍්‍රකට් විනිසුරුවන්ගේ සංගමය, 15/2, කන්දවත්ත පාර, බත්තරමුල්ල යන ලිපිනයෙන් යොමු කළ යුතුය. මේ සම්බන්ධයෙන් සාගර ගාල්ලගේ (0718024589), ඒ. ජයසූරිය (0779896050) හා මොරිස් ඩිලා ද සිල්වා (0722365200) යන මහත්වරුන්ගෙන් ද විමසීම් කළ හැකිය.