කෞෂලා රිටි පැනීම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව සම කරයි


දියගම මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන 37 වැනි ජාතික ක‍්‍රීඩා උළෙලේ අද (9) පැවැති මලල ක‍්‍රීඩා පිටිය ඉසව්වලදී බස්නාහිර පළාත නියෝජනය කරන කෞෂලා ලක්රාණී රිටි පැනීම (කාන්තා) ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව සම කරමින් (මීටර 3.20) දස්කම් දැක්වුවාය. කෞෂලා මීට මාසයකට පෙර දියගම මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැති ජාතික මලල ක‍්‍රීඩා ශූරතාවලියේ ඇය විසින්ම පිහිටුවන ලද (මීටර 3.20) ශ්‍රී ලංකා වාර්තාව මෙලෙස සමවීම කැපී පෙනේ. ඡායාරූපය:
රිටි පැනීම (කාන්තා) ශ්‍රී ලංකා වාර්තාව සම කළ කෞෂලා (ඡායාරූපය: සුමින්ද සුදර්ශණ පතිරණ)