කෝවිල් භාරකරුට සන්නද්ධ කණ්ඩායමක් පහරදීලා


(ප්‍රදීප් කුමාර)

යාපනය අච්චුවේලි ප්‍රදේශයේ දී සන්නද්ධ කල්ලියක් කෝවිලක භාරකාර මණ්ඩල සාමාජිකයකුට තියුණු ආයුධවලින් පහරදීම නිසා  තුවාල ලබා ඇති බව අච්චුවේලි පොලිසිය සදහන් කරයි. 

අදාළ ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා රැකියාව සදහා යතුරුපැදියකින් යමින් සිටියදී පස් දෙනකුගෙන් පමණ සමන්විත මෙම කල්ලිය අදාළ පුද්ගලයාට පොරවකින් පහරදී තිබේ.

එම ප්‍රහාරකයන් යතුරුපැදි දෙකකින් පැමිණ උවිලන්කුලම පිල්ලයාර් කෝවිල ඉදිරිපිට දී මෙම ප්‍රහාරය එල්ලකර තිබේ.

එහිදී ඔහු බරපතල තුවාල ලබා ඇති අතර ඔහු ප්‍රතිකාර සදහා අච්චුවේලි රෝහලට ඇතුලත් කොට තිබේ.

ප්‍රහාරයට පැමිණි සියලු දෙනා මුහුණු ආවරණය කරගෙන පැමිණ ඇති බව ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා පවසා ඇත.