(නිශාන්ත කුමාර)
කෝමාරීක ගොවිජනපදයට දියවර සපයන ඩී දෙක ඇළ මාර්ගය පතුලේ සිදුවූ ගිලා බැසීමකින් අනතුරුව පස් පුරවා පිළිසකර කරමින් තිබූ එම ස්ථානය අද(26) යළිත් ගිලා බැසීමට ලක්ව ඇතැයි ප්‍රදේශයේ ගොවි ජනතාව පවසති.
මීගහකිවුල කෝමාරීක හා ඒ අවට ප්‍රදේශවලට පෙරේදා (25) පස්වරුවේ ඇද වැටුණු මහ වැස්සත් සමගම එම ස්ථානයේ තිබු පස් තට්ටුව මේ අයුරින් ගිලා බසින්නට ඇතැයිද ගොවීහු පවසති.
මෙම මස 28 වන දින කෝමාරීක ව්‍යාපාරයේ මහ කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීමට නියමිත වූවත් දිගින් දිගටම සිදුවන මෙම ගිලා බැසීම් හමුවේ ඉදිරි වගා කන්නය අවිනිශ්චිත වී ඇතැයි ද ඔවුහු පවසති.



