කෝප‍්‍රල් උතුරට ගංජා ඇදලා


උතුරට කංසා රැගෙන ගිය බව කියන හමුදා කෝප‍්‍රල්වරයෙක් ද ඔහුට කංසා සැපැයූ සෙවනගල තරුණයෝ දෙදෙනෙක් ද කලාවැව හා බලලූවැව අතරදි ගල්කිරියාගම පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. වසර හතරක් තිස්සේ උතුරට තොග වශයෙන් ගංජා සැපැයූ බව පෙනේ යැයි පොලිසිය කියයි.