(ඉන්දිකා රාමනායක)
මුලතිව් මුහුදුබඩපත්තු ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් කේපාපිලව් ප‍්‍රදේශයේ යුද හමුදාව විසින් පරිහරණය කළ අක්කර 133 ක ඉඩම් ප‍්‍රමාණයක් හෙට (28) යුද හමුදාව විසින් මුලතිව් දිසාපතිවරයා වෙත බාර දීමට නියමිත බව යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසීය.
පවුල් 85 ට අයත් මෙම ඉඩම 2009 සිට යුද හමුදාව විසින් පරිහරන කළ බවත් එම පිරිස නැවත පදිංචි කිරිම සදහා යුද හමුදාව එය නැවත ලබා දීමට කටයුතු කළ බව හමුදා ප‍්‍රකාශවරයා වැඩිදුරටත් කියා සිටි අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙම ඉඩම යුද හමුදාව විසින් මුලස්ථානයක් වශයෙන් පවත්වාගෙන ගිය බවයි.
මෙම ඉඩම නැවත ලබා ගැනීමට බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී. එම්. ස්වාමිනාදන් මහතා මැදිහත් වු බවත් හමුදාව ඉඩම නැවත බාර දීමට කටයුතු කිරීම හේතුවෙන් මෙම ඉඩම ඉල්ලා ඉඩම් හිමියන් පිරිසක් දින 290 ට අධික කාලයක් සිට ආරම්භ කර ඇති උපවසාය අවසන් කර ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.
මෙම ඉඩමේ යුද හමුදා මුලස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය ගොඩනැගිලි ඉවත් කර ගැනීමට අමාත්‍යාංශය හරහා රුපියල් මිලියන 148 ක මුදලක් යුද හමුදාව වෙත ලබාදීමෙන් අනතුරුව ඉඩම නිදහස් කර ගැනීමට හැකි වු බවද එම නිවේදනයේ සඳහන් වේ.

