කෝප් වාර්තාව සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගයක් ලබාදීමට කර තිබූ ඉල්ලීම පෙත්සම්කාර සුජීව සේනසිංහ මහතා අද (23) ඉල්ලා අස්කරගත් අතර ඒ අනුව එම අතුරු තහනම් නියෝගය විසුරුවා හැරීමට කොළඹ දිසා අධිකරණ විනිසුරු සුමිත් පෙරේරා මහතා අද නියෝග කළේය.
වගඋත්තරකාර පාර්ශවවලට නැවත ජූලි 30 වැනිදාට පිළිතුරු ලබාදීමට නියෝග කෙරිණු අතර කෝප් වාර්තාවේ කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනතුරු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම ආදිය තහනම් කරමින් මෙම අතුරු තහනම පසුගියදා කොළඹ දිසා අධිකරණය මගින් නිකුත් කර තිබුණි.

