කෝප් වාර්තාවෙන් අනාවරණය වු වංචා ගැන පැය 5 ක විවාදයක්


(සුජිත් හේවාජුලිගේ) 
 
රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ  අනාවරණය කෙරුණු රාජ්‍ය  ආයතන රැසක දුෂණ වංචා පිළිබඳ පැය පහක විවාදයක්  හෙට (19) මැතිසභයේදී පැවැත්වේ.

 
විවාදය සඳහා යෝජනා ඉදිරිපත් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතායි. 

  යෝජනාව නලින්ද ජයතිස්ස මහතා විසින් කතානායකවරයාට අද (18) බාරදෙන ලදී. 


රාජ්‍ය ගිණුම් පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් මීට ඉහතදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. 


  පාර්ලිමේන්තු කාරක සභාව මගින් අනාවරණය කෙරෙන දූෂණ, වංචා ඇතුළු තොරතුරු පිළිබඳව ඉදිරියේදී  දිනක විවාද පැවැත්වීමට පාර්ලිමේන්තු පක්ෂ නායකයන් තීරණය කර ඇත.